Organic එළවළු සහ පලතුරු ගැන ඔබ නොදත් දේ

Sri Lankan organic fruits and vegetables

ඔබ දන්නවාද?

පලිබෝධ යොදා (Non- Organic) වගා කරන එළවළු  සහ පලතුරු වලට වඩා organic එළවළු සහ පලතුරු පිලිකාකාරක (Carcinogenic) බවින් වැඩි බව පෙන්වා දී ඇත.

මෙම සොයා ගැනීම කර අත්තේ අමෙරිකාවේ කැලිෆොනියා විශ්වවිද්යලයේ මහාචාර්ය වරයකු වන Bruce Ames විසිනි.

මෙයට හේතුව ඔහු මෙසේ පහැදිලි කරයි.

කෘමි නාශක හො පලිබෝධ නාශක නොමතිව වගාකිරීම සදහා ස්වභාවිකව ඔරොත්තු දෙන බීජ සහ ශාක තොරා ගැනීමට ගොවීන්ට සිදුවේ.  ස්වභාවිකව ඔරොත්තු දෙන බීජ සහ ශාක වල පොත්තෙහි සහ මදයෙහි ස්වභාවික විස සහිත බව ඉහල මට්ටමක පවතී.

කබනික නොවන එළවළු වලට යොදන පලිබෝධ නාශක හා කෘමි නාශක පිළිබදව ඇති ප්‍රමිති අයතන ඒවායේ ඇති අහිතකර භාවය පිළිබදව නිරතුරුවම පරීක්ෂාවට ලක් කරයි. එම නිසා පලිබෝධ නාශක හා කෘමි නාශක පිළිකා කාරක වලින් තොරයි(හෝ ඉතාම අඩු වශයෙන්) අනෙක් අතට මෙම පලිබෝධ නාශක යොදනුයේ ශාකයේ පිට පොත්තට පමණක් බවින් සේදූ විට පහසුවෙන් ඉවත් වේ.

මෙම ලිපියෙහි අරමුණ කබනික හෝ කබනික නොවන එළවළු සහ පලතුරු අධෛර්යමත් කිරීම නොවේ.  පලතුරු හා එළවළු වලට යොදන කෘෂි රසනයක හෝ පොහොර එවායේ අභ්‍යන්තරයට අතුළු නොවේ.

නමුත් දැන් අප අහාරයට ගන්නා සොසේජස්, කිරි අහාර, කෘතීම බීම සහ බිස්කට් වැනි ආහාර වල, රසයන ද්‍රව්‍ය , අහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ රසකාරකයන්ගෙන් සමන්විත වේ. මෙම රසායන ද්‍රව්‍ය අප කෙලින්ම ආහරයට ගන්නේ එවායේ ගුණ අගුණ ගැන වැඩි දුර නොසිතාය.

ඔබ විසින් එළවළු සහ පලතුරු වලට යොදන කෘමි නශක නිසා එවා අහාරයට එකතු කර ගනීම අඩු කල හෝ නැවැත්වූ කෙනෙක්නම් ඔබ නැවත ඒ ගැන සිතීමට කාලයයි. එනම් වෙළදපොලේ පවතින එළවළු සහ පලතුරු,  ඒවාට අදේශ කර ඇති ක්ෂණික ආහාර වලට වඩා ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත වේ.

ඔබ Organic එළවළු සහ පලතුරු වල රසයට කැමතිනම් වඩිපුර මුදල් ගෙවීම සාධාරණීකරනය කලහැක, නමුත් Organic එළවළු සෞඛ්‍යාරෂිතයි සිතා වැඩිපුර මුදල් ගෙවීම් නුවණට හුරු නැත.

Bruce Ames  යනු Ames test පරීක්ෂනය හදුන්වා දුන් පුද්ගලයයි. Ames පරීක්ෂාව යනු යම් කිසියම් රසායන ද්‍රවයක් මගින් සජීවී සෛලයක DNA අකෘතිය වෙනස් කිරීමට කොතෙක් දුරට හැකියාවක් පවතිද යන්න පිළිබඳව කරන පරීක්ෂනයකි.

මෙහි සදහන් සියලුම දත්ත Bruce Ames  මහතා විසින් (Science Volume 236, Issue 4799 , 271-280 (Apr. 17, 1987)) ප්‍රකාශ කර ඇත.


References: Quora.com


 

What is Snapcart?

You can use snapcartto order your groceries, fruits and vegetables from your favorite local supermarket and get them delivered to your door. First delivery is free for you to try it out

Download Mobile apps app-store-android    app-store-apple

2 thoughts on “Organic එළවළු සහ පලතුරු ගැන ඔබ නොදත් දේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *